Local NewsNews

ඩුබායිවල අනතුරට ලක්ව මෙරටට පැමිණි පුද්ගලයාව රෝහලෙන් එලවා දැමූ වෛද්‍යවරයාගේ සිද්ධිය ගැන සොයයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිදුවූ අනතුරකින් පසු මෙරටට පැමිණ ඇති ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයෙකුට වෛද්‍යවරුන්ගේ සහය නොලැබීම හේතුවෙන් ඊට අදාළ රක්‍ෂණ වන්දිය ලබාගැනීමට නොහැකි වූ පුවතක් නෙත් නිවුස් ඊයේ (22) අනාවරණ කළා.

ඔහු මෙම වන්දිය ලබාගැනීමට උත්සාහ දරා ඇත්තේ ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්. ඒ සදහා වෛද්‍යවරයෙකුගේ නිර්දේශ ලබාගත යුතු වන අතර ඒ අනුව ඔහු අදාළ නිර්දේශය ලබාගැනීම සදහා මුල්ලේරියාව රෝහලට ගොස් ඇති බවයි නෙත් නිවුස් ඊයේ අනාවරණ කළේ.

අදාළ නිර්දේශ ලබාදෙන වෛද්‍යවරයා, විදේශගතව සිට පැමිණි මෙම පුද්ගලයාට බැණ වැදී ඇති බව ද එහිදී අනාවරණ කෙරුණා. මෙම අනාවරණය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමක් කරන බවයි මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පි‍්‍රයන්ත කරුණාරත්න නෙත් නිවුස් වෙත ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි මීට මාස කිහිපයකට පෙර සිදුවූ අනතුරකින් මෙම පුද්ගලයා බරපතල තුවාල ලබා තිබෙනවා. ඔහු එරටදී ප‍්‍රතිකාර ලබා සුවවීමෙන් පසුවයි ඉකුත්දා මෙරටට පැමිණ තිබුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහවැස්සේ උතුරේ මහවිරු සැමරුම්…

Malar FM

එජාප නායකයින් හදීසි රැස්වීමක

Malar FM

යෝජිත ගෙවල්කුළි පනතින් නීතිය විකෘති වන බවට විජේදාස රාජපක්ෂ මහතාගෙන් අනතුරු ඇඟවීමක්

Malar FM