Local NewsNews

නිව් ඩයමන්ඩ් – මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර

‘එම්.ටී. නිව් ඩයමන්ඩ්‘ නෞකාව ශ්‍රී  ලංකා මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර ලබාදී තිබේ.

අදාළ නෞකාව හිමි සමාගමට අවසරය ලබාදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය.

මුදල් සහ අදාළ වන්දි ලබාදීමේ පදනම මත නෞකාව ඉවත් කර ගැනීමට අවසර දී ඇති බව සඳහන් වේ.

මේ වන විටත් ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්‘නෞකාව මෙරට මුහුදු කලාපයෙන් ඉවතට රැගෙන යාම ආරම්භ කර ඇති බව කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වූ ‘නිව් ඩයමන්ඩ්‘ නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ මුදල සහ නෞකාවෙන් කාන්දු වූ ඉන්ධන හේතුවෙන් සිදුවූ පරිසර දූෂණයට අදාළ වන්දි ගෙවීමට නෞකාව හිමි සමාගම එකඟතාව පළ කර තිබුණි.

රුපියල් මිලියන 440 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීම සඳහා එම සමාගම එකඟතාව පළ කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.

lanka lead news

Related posts

මං අගමැති වෙන්න අද වුනත් සූදානම්…- සජිත් මාධ්‍ය හමුවක

Malar FM

මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය නෑ.. නොපලදින අයට හිංසා කරන්න එපා..- සෞඛ්‍ය ප‍්‍රධානියා පොලිසියට දන්වයි..

Malar FM

වාහන නැවත ආනයනය ගැන ජනාධිපතිගෙන් ප‍්‍රකාශයක්…

Malar FM