Local NewsNews

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

කලුතර සිට අලුත්ගම තෙක් පොදු මගී ප්‍රවාහන බස් රථයක ගමන් කරමින් සිටි රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු නිළධාරිනියකගේ සිරුර ස්පර්ශ කිරීමේ ලිංගික හිංසනයකට සම්බන්ධ සැකකාර තරුණයකු අලුත්ගම පොලීසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අද (30) කලුතර අධිකරණයට ඉදිරිපත් කල බව කියයි.

එම සිදුවීම සම්බන්ධයෙන් නිළධාරිනිය අලුත්ගම පොලීසියට කළ පැමිණිල්ල අනුව ඊයේ (29) සවස අලුත්ගම බස් නැවතුමේදී සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන කලුතර අධිකරණයට අද ඉදිරිපත් කර තිබේ.

සැකකාර තරුණයා කිතුල්ගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පානදුර සංචාරක හෝටලයක සේවය කරන 24 වියේ පසු වන්නෙකු බවත් 49 හැවිරිදි නිළධාරිනිය විවාහක දෙදරු මවක බවත් පොලීසිය සදහන් කරයි.

මෙම නිලධාරිනිය ඊයේ (29) දිනයේදී රැකියා ස්ථානයෙන් රාජකාරිය නිමවා කොළඹ සිට පැමිණෙන බස් රථයකින් අලුත්ගම තෙක් ගමන් කරමින් සිටියදී පසු පස අසුනේ සිට මෙම සැකකාර තරුණයා එම නිළධාරිනියගේ ශරීරය අවස්ථා කිහිපයකදී විටින් විට ස්පර්ශ කර ඇති අතර පසුව ඇය බසයේ අසුනින් නැගිට සෙසු මගීන්ට හා කොන්දොස්තරවරයාට මේ පිලිබදව හඩනගා පවසා තිබෙන බව පොලීසියට කල පැමිණිල්ලේ සදහන් වේ. ‘

එම අවස්ථාවේ අලුත්ගම බස් නැවතුමේ රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..

Malar FM

LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..

Malar FM

කොරෝනා තියෙද්දී ජපානයේ කුරුලු උණ පැතිරේ පළාත් හතරකටත් ව්‍යාප්තයි

Malar FM