Local NewsNews

ගැසට් නොකළ ආයතන ජනපති ලේකම් කාර්යාලය යටතට

අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගිය අගෝස්තු නව (9) වැනිදා ගැසට් පත්‍රයෙන් පවරා නොතිබූ විෂයයන් සහ ක්‍රියාකාරකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංශෝධනය කරනු ලැබ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවත්නා මූලිකත්ව වැඩසටහනට යාකොට තිබේ.

අගෝස්තු 9 වැනි දින නිකුත් කෙරුණු ගැසට් පත්‍රයෙන් බොහෝ විෂයයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය ආයතන අමාත්‍යවරුන්ට පවරා නොතිබුණු අතර ඒ සියල්ල සැප්තැම්බර් 25 වැනි දින ගැසට් පත්‍රයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරනු ලැබ ඇත.

ජාතික වැඩසටහන යටතට ගැනෙන බව දැක්වෙන ආයතන මෙසේය.

1. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සහ ඊට සබැඳි ආයතන.

2. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය.

3. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය.

4. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ඊට බැඳුණ ආයතන සහ සියලු තොරතුරු තාක්ෂණික උද්‍යාන

Related posts

දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් පහක් ජනාධිපති සමග…

Malar FM

තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

Malar FM

ඉන්ධන මිල පහත දමයි.. නව මිල ගණන් මෙන්න..

Malar FM