Local NewsNews

කොරෝනා ආසාදිත පාසල් සිසුවියගේ ආශ්‍රිතයින්ටත් PCR පරීක්ෂණ සිදු කිරීමට සැලසුම්

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරුවූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියගේ පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන්ට තමන්ගේ නිවෙස් තුලටම වී සිටින ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබෙනවා.

මෙම සිසුවිය අධ්‍යාපනය ලැබු එම පාසැලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ සහ උගන්වනු ලැබූ ගුරු භවතුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති බවයි. එලෙස PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත අයවළුන් ගේ ලැයිස්තුව පාසලේ විදුහල්පතිවරයා විසින් අද දිනයේදී ලබාදීමට නියමිත බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

කොරෝනා ආසාදිත මෙම සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ ළමුන් 1600 කට අසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මත්පැන් ඔන්ලයින් විකුණනැයි ගොඩක් අය මට කෝල් කරලා කිවුවා..- සුරා බදු කොමසාරිස්…

Malar FM

IDH රෝහලේ සිටි තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට

Malar FM

ශරීරයට ඇල්පෙනෙත්ති තුඩක පමණවත් හානියක් නොකර අඩු වියදමකින් blocks තිබෙන හදවත් සුව කරන අලුත්ම ක්‍රමය

Malar FM