Local NewsNews

කොරෝනා පාලනයට බරපතල තත්වයක්.. යන්ත‍්‍රයක් අක‍්‍රීය වෙයි.. PCR ප‍්‍රථිඵල හිරවෙයි..

කොරෝනා යයි සැක සහිත පුද්ගලයන්ගේ ජීව සාම්පල පරීක්ෂා කිරීමට සඳහා නැගෙනහිර කොළඹ රෝහලේ පිහිටුවන ලද PCR යන්ත්‍රයක් අක්‍රිය වීම නිසා පරීක්ෂණ ප්‍රතිඵල 20,000 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම වාර්තා ප්‍රමාදවීම නිසා ඇඳිරි නීතිය පැනවීම ඇතුළු රෝග පාලනය කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට තීන්දු ගැනීමේදී බරපතළ ගැටලුවක් මතුවී ඇති බවයි.

මිලියන 250ක් වටිනාමකින් යුත් මෙම යන්ත‍්‍රය පසුගිය මැයි මාසයේදී මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත කළ ද එය දැනට දින 6ක් තිස්සේ අක්‍රීය තිබේ.

මේ තත්ත්වය මත යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත්තේ ඉදිරි පැය 48 ක කාලයකදී එය අළුත්වැඩියා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන රසායනාගාර වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ මෙම යන්ත්‍රය ටෙන්ඩර් පටිපාටි වලට පරිබාහිරව ගෙන්වා ඇති බවත් මෙරට එහි දේශීය නියෝජිතයා එක් පුද්ගලයෙකුගේ නමක් පමණක් සඳහාත් කර ඇති බවත්ය.

එම නියෝජිතයා රසායනාගාර උපකරණ සමාගමක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව කළ මගඩියක ප්‍රතිඵලයක් බවත් ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රාජිතගේ නිවසට පිරිස් රැස්කරයි.. පිම්ම අනුමතයි.. රාජිත සූදානම්..

Malar FM

පරිත්‍යාග බෙදා හැරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පමණක් සිදු කරන්න

Malar FM

සියලුම රාජ්‍ය සේවකයින්ට වසර පහක් නිවාඩු ලබා ගැනීමේ චක්‍රලේඛය ක‍්‍රියාත්මකයි… විදෙස් රැකියා පුහුණුවක්…

Malar FM