Local NewsNews

බිල දෙන්න ගියාම බල්ලෙක් සපාකෑවයි මනු කියවන්නා පොලිසි යයි

කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ නිවසකට විදුලි බිල්පත දීමට ගිය මනු කියවන්නෙකු බල්ලෙකුගේ සපා කෑමට  ගොඳුරුව ඇත. ගෙහිමි තරුණියට එරෙහිව කෑගල්ල  මූලස්ථාන පොලිසියට අනතුරුව මනු කියවන්නා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.   මනු කියවන්නා ද එම නිවසේ සපා කන විශාල බල්ලකු ඇති දැඩි කරන බව කලක සිට දැනගෙන සිට ඇතැයි  පොලිසිය කියයි.
මෙම මනු කියවන්නා අදාළ ගම්මානයේ නිවෙස් වලට විදුලි බිල්පත් ලබා දී පසුව විශාල බල්ලෙකු ඇති දැඩි කරන මෙම නිවසට යෑමට පෙර ඈත තියා කතා කර ඇති බවත් පසුව නිවසේ සිටි තරුණියක් කතා කරන්නේ කවුරුන් දැයි බැලීමට නිවසේ මිදුලට පැමිණ ඇති බවත්  පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

මනු කියවන්නා ඈත සිට මිදුලේ සිටි තරුණියට බල්ලා බැඳලා ද නැති නම් බැඳ ගන්න යනුවෙන් ප්‍රකාශ කර ඇති බවත් පොලිසිය කියයි.  තරුණිය ප්‍රකාශ කර ඇත්තේ බල්ලා නිවස ඇතුළත  බැඳ ඇති බවයි.  මනු කියවන්නා නිවසට පැමිණ විදුලි මීටරය දෙස බලා විදුලි බිල් පත් සටහන් කරද්දී නිවසේ බැඳ සිටි බල්ලා වයරය ගලවා ගෙන පැමිණ මනු කියවන්නා සපා කා ඇති බවත් පොලිසිය කියයි. බල්ලා අල්ලා ගැනීමට තරුණියට නොහැකි වී ඇති අතර පසුව මනු කියවන්නාගේ ද සහයෝගය ඇතිව බල්ලා මෙල්ල කර ගත් තරුණිය බල්ලා රැගෙන නිවසට ගොස් කාමරයකට දමා දොර වසා ඇති බවත් පොලිසිය කියයි. සිද්ධිය වූ නිවසට ඉකුත් දිනක කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරියකු පැමිණ මූලික විමර්ශනයක් කර ඇත. ඉදිරි දිනයකදී දෙපාර්ශවයම කෑගල්ල මූලස්ථාන පොලිසියට කැඳවා විභාග කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.

– චමින්ද වැවතැන්න-

gossiplankanews

Related posts

අලුත් කතානායක චමල්.. සභානායක, සංවිධායක යෝජිත නම් මෙන්න..

Malar FM

හිටපු ඇමතිලා අටකට අධි චෝදනා යටතේ නඩු..

Malar FM

සනිපාරක්ෂක තුවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්.. සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ..- ඇමතිනී…

Malar FM