ජනවාරි මස 15 වනදායින් පසු ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි ඉහළ අනතුරක් පවතින බව වාර්තා වේ.
එරට දේශපාලඥයන් සහ ජාත්‍යන්තර ආරක්ෂක විශේෂඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනවාරි මස 15වනදා දැනට ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු හමුදා භටයන් 4500 න් 2000 ක් පමණ ඉවත්කර ගැනීමත් සමග මෙම තත්වය ඇතිවිය හැකි බවයි.
ඒ සමගම මේ වනවිටත් පකිස්තානයේ ස්ථාපිත පුහුණු කදවුරැ රැසක් ආශ්‍රිතව රැදී සිටින තලේබාන් සාමාජිකයන් ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවද එම වාර්තාවල දැක්වේ.
ඒ පිලිබද පකිස්තානය දෝෂ දර්ශනයට ලක්කර ඇති ඇෆ්ගනිස්තාන දේශපාලඥයන් වැඩිදුරටත් චෝදනා කරන්නේ පකිස්තානය දිගින් දිගටම තලේබාන් සංවිධානය යොදාගනිමින් තම රටේ අස්ථාවරත්වය ඇති කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර ඇෆ්ගනිස්තානය සහ තලේබාන් සංවිධානය අතර දෝහා මූලික කරගෙන අඛණ්ඩව සාම සාකච්ඡා පැවැත්වීමට නියමිතවුවද ඒවා සාර්ථකවීමට ඇති ඉඩකඩ ඉතා අවම බව විදෙස් විශ්ලේෂකයන්ගේ අදහසයි.