Local NewsNews

දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපති

දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති දයා රත්නායක මහතා සඳහන් කළ බව රාවය පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයක් සිදු වීමට නම් වරාය නැගෙනහිර පර්යන්තය පමණක් නොව මුළු ලංකාවම විකුණා දැමිය යුතු බව ඔහු පැවසූ බව එම වාර්තාවේ දැක්වෙයි.

රත්නායක මහතා මෙලෙස අදහස් පල කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට කොටස් පැවරීම ගැන පුවත්පත විසින් කල විමසීමකදීය.

ශ්‍රී ලංකාවේ දේශපාලකයන් සහ මාධ්‍වේදීන් සමඟ රට දියුණු කිරීම අපහසු බැවින් රටම විකිණීම වඩා යහපත් බව ඔහු වැඩිදුරටත් පැවසූ බව වාර්තාව කියයි.

Related posts

ත්‍රීවිල් රියදුරා නිසා ජර්මන් ජාතිකයා අසරණ වෙයි

Malar FM

ඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..

Malar FM

“මුහුද දැන් පාරටත් උඩින් ගලනවා”- මුහුද ගොඩ ගලයි – ප්‍රදේශයේ ජනතාව භීතියට

Malar FM