Local NewsNews

එනසාල් වගාකරුවන් නකල්ස් රක්ෂිතය බිලිගන්න යළි මාන බලයි

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති නකල්ස් රක්ෂිතය මේ වනවිට දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. නකල්ස් රක්‍ෂිත ප්‍රදේශයේ නැවත එනසාල් වගා කිරීමට ඇතැම් ව්‍යාපාරිකයින් සහ තවත් පාර්ශව මාන බලමින් සිටින බවටයි නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණේ.

නකල්ස් රක්‍ෂිතය මැදින් නව මාර්ගයක් කැපීම සදහා යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බවට නෙත් එෆ් එම් බැලුම්ගල වෙත ලැබුණු තොරතුරක් පිළිබදවද නෙත් නිවුස් ඊයේ කරුණු අනාවරණ කළා. නකල්ස් රක්ෂිතයේ පාංශු ඛාදනය වීම හේතුවෙන් මීට ඉහතදී නතර කෙරුණු එනසාල් වගාවන් නැවත ආරම්භ කිරීම සදහා ව්‍යාපාරිකයින් කණ්ඩායමක් පිඹුරුපත් සකස්කරමින් ඇති බවටයි පරසරවේදීන් පෙන්වා දෙන්නේ

නකල්ස් රක්ෂිතය දෙකඩ කරමින් නව මාර්ගයක් ඉදි කළහොත් නකල්ස් රක්‍ෂිතයේ පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

පරිසර අමාත්‍යාංශය එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුවට නැකතට පැළ සිටුවීමේ නැකතක්ද එක් කිරීමට තීරණය කර තිබෙනවා. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ රක්‍ෂිත වනාන්තර පද්ධති ආරක්‍ෂා නොකර නැකතට පැල සිටුවීමෙන් කිසිදු පළක් නොවන බවයි. එබැවින් රටේ ජාතික  සම්පත් වන, වනාන්තර පද්ධතීන් ආරක්‍ෂා කර ගැනීමට පෙරට වඩා අවධානය යොමු කළයුතු බවයි පරිසරවේදීන් නැවත නැවතත් අවධාරණය කරන්නේ.

Related posts

පෙන්ටගනය ඇතුළු අමෙරිකානු හමුදා කඳවුරුවල ආරක්ෂාව දැඩි කරයි : විරෝධතා මැද ත්‍රස්ත ප්‍රහාර අවධානමක්

Malar FM

ජනාධිපති සහ අගමැති එකවර ඉවත්වුනොත් රටේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා…

Malar FM

අනුර ජනාධිපති වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදලා විධායකය අහෝසි කරනවා..

Malar FM