Local NewsNews

කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය  (Link) රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (10) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ විය.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම අවස්ථාවට සහභාගී නොවීය.

රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළින් කොවිඩ් 19 වැළැක්වීම සදහා ලබාදෙන එන්නත සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා ඇති අතර කොවිඩ් 19 පිළිබද තොරතුරු, අමාත්‍යාංශය යටතේ ඇති ආයතන පිළිබදව මෙන්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබදවද තොරතුරු ඇතුළත්ව ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය සරත් ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක්  සහභාගීවිය.

තුසිත ජයවර්ධන
මාධ්‍ය ලේකම්

Related posts

රවි ඇතුළු 06ක් නිදොස් කොට නිදහස් කෙරේ…

Malar FM

තරග 1000 ක් සම්පූර්ණ කළ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම සිදුවීම් 20 ට ශ්‍රී ලංකාවෙන් 03 ක්

Malar FM

බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..

Malar FM