NewsPolitical

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානයට ඉඩ දෙනවා – අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි

කොවිඩ් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් ගේ සිරුරූ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා. 

රීති ප්‍රශ්නයක් නගමින් සමගී ජනබල වේගය පක්ෂයේ එස්.එම් මරික්කාර් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම පිළිතුර ලබා දෙනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඊයේ දිනයේදී රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටියේ ජලයෙන් කොවිඩ් වෛරසය ආසාදනය නොවන බවයි. 

එම පිළිතුරට අනුව කොවිඩ් ආසාදිතව මියැදෙන මුස්ලිම් ජනතාවගේ සිරුරූ භූමදානය කිරීමට අවසර ලබා දෙන්නේ ද යනුවෙන් එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා නගන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ‘ මන්ත්‍රීතුමා, මල සිරුරූ භූමදානය කිරීමට අවසර දෙනවා’ යනුවෙනි.

Related posts

අඩි 5000ට වඩා උස භූමියේ ගොවිතැනේ ප්‍රතිඵලය අද භුක්ති විඳිනවා – රෝහණ විජේවීර 1970 දී දුටු අනතුර ගැන මන්ත්‍රී නිමල් පලිහේන කියයි

Malar FM

ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි.

Malar FM

නව පොලිස්පති හා අගමැති අතර හමුවක්

Malar FM