NewsPolitical

හරීන් ගොස් රනිල් හමුවේ.. යලි එක්වෙන්න එකග වේ..

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

මෙම හමුව සිදුව ඇත්තේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතරයි.

හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැනුවත්කම මත තමන් එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවී සාකච්ඡා කළ බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී රුවන් විජේවර්ධන මහතා සමග ද සාකච්ඡාවක් සිදු කරන බවද ඔහු පැවසීය.

ඉදිරියේදී මෙම පක්ෂ දෙක එක එක ලකුණකින් තරඟ කරනවා ද නව සන්ධානයක් දී කරනවා ද යන්න ගැන සාකච්ඡා කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා කව දුරටත් සඳහන් කළේය.

Related posts

ගිනිකොණ සහ දකුණු මුහුදු ප්‍රදේශවල තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

Malar FM

ICC යට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දිල්හාර ලොකුහෙට්ටිගේ කියයි

Malar FM

ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ සංවිධායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Malar FM