International NewsNews

ඉම්රාන් ගෙන් මෝදිට ලිපියක්

ඉන්දියාව සමග සාමකාමීව සහජීවනයෙන්  සබදතා පැවැත්වීමට තම රටෙි ජනතාව සූදානම් බව සදහන් කරමින් පකිස්තාන අගමැති ඉමිරාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් ⁣යොමු කර තිබේ.

අගමැති ඉම්රාන් ඛාන් මෙම ලිපිය යොමුකර ඇත්තේ පසුගියදාට යෙදුණු පකිස්තාන දිනය නිමිත්තෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අගමැති ඉම්රාන් ඛාන් වෙත යොමුකළ සුබපැතුම් ලිපියකට පිලිතුරැ වශයෙනි.

අදාළ ලිපිය මගින් පකිස්තාන දිනයට සුබපැතුම් එක්කරමින් ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබුණේ, ⁣අවිශ්වාසය සහ බෙදීම් ඉවතලීම අවශ්‍ය බවයි.

ඊට පිළිතුරු ලිපියක් යොමුකරමින් දෙරට අතර පවතින ගැටලු විසදාගැනීමේ අවශ්‍යතාවය මතු කර ඇති අගමැති ඉම්රාන් ඛාන් විශේෂයෙන් ජම්මු සහ කාශ්මීර ගැටලුව සාමකාමීව විසදා ගත යුතු බවද සදහන් කර තිබේ.

Related posts

තමන් ජනපති වුනාම මුදල් ඇමති කවුදැයි සජිත් කියයි…

Malar FM

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට REGN-COV2 භාවිතයට අනුමැතිය දෙයි…

Malar FM

වාදපිටියේ විපතක්.. මාලිමා දෙකක් එක මිටට ගනී.. ‘බෑ කියන්නෙම නෑ..’ ලක්මාලි SB තියරියට පසු බසී..

Malar FM