Local NewsNews

ලොකුගේ අතදමා පිලියන්දල ලොක්ඩවුන් අරී… සෞඛ්‍ය ප‍්‍රධානී දැඩි විරෝධය.. රෝගීන් නිවසේම මියෙනු ඇතැයි කියයි..

ඒ අනුව එම ප‍්‍රදේශය වසා දමුවද පසුව තමන්ගේ දැනුවත් භාවයකින් තොරව එම හුදෙකලා සීමාවන් ලිහිල් කර ඇතැයි ද ඇය සඳහන් කරයි.

මේ වන විට එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වන බවත් හඳුනා නොගත් රෝගීන් නිදැල්ලේ සැරිසරමින් සිටින බවත් ඇය සඳහන් කරන්නීය.

ඇතැම් හඳුනාගත් රෝගීන් රෝහල් ගත කිරීමට ප්‍රමාද වී නිවෙස් වල රඳවා සිටින බවත් මේ තත්ත්වය ඉදිරියට ද පැවතුණහොත් නිවෙස් වල ඔවුන් මිය යනු ඇති බවත් ඇය කියා සිටී.

මේ අතර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ පිලියන්දල වසා දමන විට ප‍්‍රදේශයේ කිසිවකු ඒ ගැන නොදැන සිටි බවයි.

ඒ අනුව යම් ලිහිල් කිරීමක් කල හැකි දැයි තමන් අදාළ අංශවලින් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රදේශයම වසා දැමූ විට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබූ බවත් පිළියන්දල නගරයේ රෝගීන් හමුවී නැති බවත් ඔහු කියා සිටී.

ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට එම ප්‍රදේශයේ ජනතාවගේ පහසුකම් සුබසිද්ධිය වෙනුවෙන් තමන් පෙනී සිටීමට අයිතියක් ඇති බවත් තමන් ක්‍රියාත්මක කළේ අයිතිය බවත් ඇමතිවරයා පැවසීය.

Related posts

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදයි

Malar FM

පෝලිමේ ගිහිං ගිනි ගානට ගන්න තෙල් ඉතුරු කරන විදිහ.. ජනපතිගේ ජාතිය ඇමතීම හර්ෂගෙන් ප‍්‍රතිචාර..

Malar FM

ඉන්දිය අත්අඩංගුවේ සිටි ලාංකික ධිවරයින් 18 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකෙරේ

Malar FM