Local NewsNews

වසංගතය පාලනය දේශපාලඥයන්ම බාර ගනු..- පිලියන්දල ලොක්ඩවුන් කැඩීමෙන් කෝප වූ වෛද්‍යවරුන් දැනුම් දේ..

කොරෝනා වසංගත අවධානම හේතුවෙන් වසා දමන පිලියන්දල පොලිස් බල ප්‍රදේශය දේශපාලකයන් මැදිහත්වීම් විවෘත කරන්නේ නම් එය බරපතළ තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ දේශපාලඥයන්ට වුවමනා ආකාරයෙන් කොරෝනා රෝගය පාලනය කළ නොහැකි බවයි.

දේශපාලඥයන් දේශපාලනය කළද කොරෝනා රෝගය ඔවුනට පාලනය කළ නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නොතකා දේශපාලඥයන් විසින් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් වසංගතය පාලනයද දේශපාලනඥයින් විසින් භාර ගන්නා ලෙස ඔහු පැවසීය.

වසංගතය සම්බන්ධයෙන් විද්‍යාත්මක කමිටුවක් විසින් ගන්නා ලද තීරණයක් දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් විසින් වෙනස් කරන්නේ නම් එය රටටම අභාග්‍යසම්පන්න තීරණයක් බව ද ඔහු අවධාරණය කරයි.

නිරෝධායන පනත යටතේ අවසන් බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පනවන ලද සීමා කිරීම් එසේ වෙනස් කලේ කවුදැයි සොයා බලා ඔහුට විරුද්ධව නීතිමය පියවර ගත යුතු බවද පවසන ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස මෙම ක‍්‍රියාවට දැඩි විරෝධය පළ කරන බව කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

තවත් ගෑස් පිපිරුමක්..

Malar FM

පෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?

Malar FM

උඩරට පහතරට සියළු එලවළු මිල තවත් ඉහලට… බත් පාර්සල් මිලත් ඉහලට..

Malar FM