Local NewsNews

සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..

දැනට ක්‍රියාත්මක කර ඇති රට පූර්ණ වශයෙන් සංචරණ සීමා අත්හිටුවීම එළඹෙන 07 වනදායින් පසු විවෘත කළ ද නිවසින් පිටතට යාමට අවසර හිමි වන්නේ ජාතික හැඳුනුම්පතේ අංක අනුව නිවසකින් එක් අයෙකුට පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

07 වනදායින් පසු රැකියා සඳහා යාමට අවසර ඇතත් සෙසු පුද්ගලයන්ට අවසර ලැබෙන්නේ හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව එක් අයෙකුට අත්‍යවශ්‍ය කාරණා සදහා නිවසින් බැහැරවිමට පමණක් බවද ඔහු කියා සිටියේය.

දැනට ක්‍රියාත්මක සංචාරණ සීමා 07 වැනිදායින් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් කොරෝනා මර්ධන කමිටුව මෙන්ම සෞඛ්‍යය ප්‍රධානින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා පනවා තිබූ කාල සීමාවේ ප්‍රතිඵල එළැඹෙන 10 වෙනිදායින් පසු දැකගත හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

රෝහිතගේ දරු සුරතල් ගීත වීඩියෝව රූපවාහිනියේ විකාශය කිරීම ගැන සමාජ ජාලවල දැඩි විවේචන..

Malar FM

එළවළු මිළ පහත වැටීම ගැන ජනපති අවධානය

Malar FM

Corona : තවත් 40ක් හමුවේ..

Malar FM