NewsPolitical

රජයක් ලෙස අප රටට විහිළු සපයනවා..- චන්දිම වීරක්කොඩි

ඛනිජ තෙල් විෂයභාර අමාත්‍යවරයාට ඉන්ධන මිල තීරණය කිරීමේ හැකියාවක් නැති බව හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශය විසින් බවද මිල තීරණය කිරීමේ දී අවශ්‍ය නම් ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ අදහස් ලබාගත හැකි වුවද මිල තීරණය අවසාන වශයෙන් කරන්නේ මුදල් අමාත්‍යාංශ විසින් බවද ඔහු පැවසීය.

එය පනත අනුව ම මුදල් අමාත්‍යවරයාට පැවරී ඇතැයි ද වීරක්කොඩි මහතා පෙන්වා දෙයි.

තෝරාගත් පිරිස් සහ පුද්ගලයන් වශයෙන් ඉලක්ක කර පහරදීමට ගොස් මේ ආකාරයෙන් නොදැනුවත්කම ප්‍රකාශය කිරීම හේතුවෙන් රජයක් ලෙස මේ මොහොතේ රටට විහිළු සපයමින් සිටින බව ද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ජල සම්පාදන මණ්ඩලයේ පඩි ගෙවන්නත් සල්ලි නෑ..

Malar FM

Covid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයි

Malar FM

තවත් විස්තර ඉස්සරහට

Malar FM