News Political

කොඩිඩ් කියලා හැංගිලා ඉන්න බෑ.. සංවර්ධනය නවතන්නේ නෑ…

සමුද්‍රීය මාර්ග (Marine Drive) ව්‍යාපෘතියේ ඉදිකිරීම්වල වත්මන් තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිරත විය. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරම් අවසන් වන විට උමං මාර්ගයකින් හා දුම්රිය හරස් මාර්ග හරහා ගුවන් පාලමකින් සමන්විත වේ.

මෙහිදී අදහස් දැක්වූ මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු …

මේම මුහුදු බඩ මාර්ගය අවුරුදු ගාණක් සිට හදන මාර්ගයක්. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් මේක සම්පූර්ණයෙන්ම නතර කරලා තිබුණේ .මෙම මාර්ගයේ කිලෝමීටර් දෙක තුන වත් ඒ යහපාලන ආණ්ඩුවට හදලා ඉවර කරන්න බැරි වුණා. මුහුදුබඩ මාර්ගයේ ඉදිකිරීම තුළින් ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ ඇති වී තිබෙන වාහන තදබදයට විසඳුමක් නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා එදා එතුමාගේ කාලයේදී මේක නිර්මාණය කරන්න වැඩ කටයුතු ආරම්භ කලේ.

දැන් රටේ පවතින කොවිඩ් වසංගතය හමුවේ උවද අපි මෙම මාර්ගයේ ඉදිකිරීම් වැඩ කටයුතු සීඝ්‍රගාමී ව එහෙම නැත්නම් fast-track කරල සංවර්ධනය කරනවා . ඒ සීඝ්‍රගාමී සංවර්ධනය තමයි මේ කොඩිඩ් වසංගතය රටේ තියෙද්දිත් අපි මේ කරගෙන යන්නේ . අපි සමහර තැන්වල දකිනවා රටේ සංවර්ධන ව්‍යපෘති වල නරක විතරයි අද කතා කරන්නේ . නමුත් මේ සංවර්ධන ව්‍යාපෘති වල හොද පැත්තකුත් තිබෙනවා. ඒ නිසා අපි සංවර්ධන කටයුතු නතර කරන්නේ නැහැ. අපි කොන්ත්‍රාත්කරුවන්ට සම්පූර්ණයෙන්ම අපි උදව් කරනවා සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාමට . අපේ කාල පරිච්ඡේදය තුල අධිවේගී මාර්ග ව්‍යාපෘති , කිලෝමීටර් ලක්ෂයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති යනාදී මේ හැම දෙයක්ම ඉටු කරනවා. කවුඩාන ප්‍රදේශයට ඇතුල්වෙන අයට ගුවන් පාලමක් නිර්මාණය කරලා සම්පුර්ණයෙන් මේ තදබදයට විසඳුමක් ගෙන දෙන අපි බලාපොරොත්තු වෙනවා. නව කැලණි පාලමේ සිට කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය, කැලණිය නව අලුත් පාලමේ සිට වරාය නගරය දක්වා ඉදිවන අධිවේගී මාර්ගය යනාදී මේ සියලු ව්‍යාපෘති වලින් බලාපොරොත්තු වෙන්නේ මේ මාර්ග තදබදය අවම කිරීමටයි.

මෙවර අයවැයයෙන් කොළඹට ඇතුළුවන මාර්ග ගණනාවක් පුළුල් කර ප්‍රතිසංස්කරණය කර වාහන තදබදයට විසඳුම් ලබා දීමට අපිට මුදල් ප්‍රතිපාදන වෙන් වී තිබෙනවා . අපි කියනවා ජනතාවට කියනවා කොවිඩ් කියලා අපි සංවර්ධන කටයුතු නතර කරන්නේ නැහැ. රට හදන වැඩපිළිවෙළ අපි දිගටම කරගෙන යනවා . කොඩිඩ් කියලා අපි හැංගිලා හිටියොත් මේ මුළු රටම ආපස්සට යනවා. අපි ඉක්මනින් මේ මාර්ගයේ සංවර්ධනය කිරීම අවසන් කරනවා. අපි මෙම මාර්ගයට පැමිණ බලන කොට තමයි මේ මාර්ගයේ සංවර්ධන කටයුතු වල ප්‍රගතිය දෑසින් බලා ගන්න පුලුවන් වන්නේ.

අමාත්‍යාංශයක සීත කාමරවල ඉඳලා මේවා දිහා බලනවට වඩා වැඩ බිමට පැමිණ මෙම මාර්ගයේ ප්‍රගතිය සොයා බලන්න පුළුවන් . වැඩ කරන රටක් අපි නිර්මාණය කරනවා . මොන ප්‍රශ්න , මොන අභියෝග ආවත් මේ රට සංවර්ධනය කරලා තමයි අපි ආපස්ස බලන්නේ. ජනතාවට දුන් පොරොන්දු අනිවාර්යෙන්ම අපි ඉටු කරනවා කියන එක බොහොම ගෞරවයෙන් මතක් කරනවා.

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වඩාත් සුදුසු විකල්පයක් ලෙස 90 දශකයේ අග භාගයේදී සමුද්‍රීය මාර්ගය ඉදිකිරිම සුදුසු යැයි හදුනා ගන්නා ලදී. ඒ අනුව 1998 දී මෙම සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අදියරයන් කිහිපයක් යටතේ ආරම්භ කරන ලදී. මෙම මාර්ගය රත්මුතු හෝටලය අසලින් ආරම්භ වී දෙහිවල දක්වා කිලෝමීටර් 7.8 කින් සමන්විත වේ. කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාරිතාවය දිනේන දින සීග්‍රයෙන් ඉහළ යන නිසා මෙම මාර්ගය යෝජිත වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සමග සම්බන්ධ කිරීමටත් එයින් ප්‍රවේශ වීමට හැකි වන අයුරින් ගාලු මුවදොර දක්වා දීර්ඝ කිරීමටත් දෙහිවල දක්වා පැවැති අන්තය පානදුර දක්වා දීර්ඝ කිරීමටත් යෝජනා වී ඇත.

මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහභාගී විය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

Related posts

ජනාධිපති-අගමැති ගෝටාගෝගම සිර මැදිරිය සිර කරයි..

Shiran Viraj

JVP මට ජනාධිපති වෙන්නත්, යහපාලන ආණ්ඩුවටත් බොහෝ උදවු කලා.. එයට ස්තුතියි..- මෛත‍්‍රි

Shiran Viraj

කුමන රටක ජිවත් වුවත් අපගේ සංවේදීතාවන් සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ රජය නොවේ – කුමාර් සංගක්කාර

Shiran Viraj

Leave a Comment