BusinessBusiness NewsNews

උද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…

දැනට රටේ බැංකු තැන්පතුවල පොලිය, මිල උද්ධමනයට අඩුවෙන් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන් වාණිජ බැංකු කෙරෙන් ඉවත්ව යාමේ අවදානමක් උද්ගතව ඇති බව ප්‍රකට මූල්‍ය විශ්ලේෂකයකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා දේශයට පැවසීය.

මැයි මාසයේ මිල උද්ධමනය සියයට 6.1ක් වන අතර තැන්පත්කරුවන්ට වාණිජ බැංකු ගෙවන පොලිය සියයට 4.5කි. මෙයට පෙර සෑම අවස්ථාවකදීම උද්ධමන අනුපාතිකය හා බැංකු පොලිය අතර සියයට 3ක පමණ ධනාත්මක වෙනසක් පැවතුණු නමුත් අද වනවිට උද්ධමන අනුපාතිකය හා සැසඳූ විට බැංකුවල පවතින්නේ සියයට 1.6ක ඍණ පොලියක් බව ඔහු කියයි.

උදාහරණයක් ලෙස පැවසුවහොත් රුපියල් 100ක් බැංකුවේ තැන්පත් කළ කෙනෙකුට ලැබෙන්නේ රුපියල් 104.50කි. උද්ධමනය සියයට 6 වූ විට රුපියල් 100 මූර්ත අගය වන්නේ රුපියල් 98.50 බව ඔහු පෙන්වා දෙයි.

මේ නිසා බැංකු තැන්පතුකරුවන් ස්වකීය මුදල් ආපසු ලබාගෙන වෙනත් ආයෝජනවලට යොමුකිරීමේ ප්‍රවණතාවක් පවතින බව ඔහු අදහස් කරයි.

මේ තත්ත්වය දිගටම පැවතුණහොත් රටේ සමස්ත බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමකට ලක්විය හැකි බව ඔහු අවධාරණය කරයි.

– deshaya

Related posts

GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..

Malar FM

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Malar FM

සිසුවෙකුගේ PCR වාර්තාව එන තෙක් යාපනය සරසවියේ කිලිනොච්චි මණ්ඩපය තාවකාලිකව වසයි

Malar FM