Local NewsNews

එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙන බවත් පවතින තත්ත්වය අනුව ඉදිරියේදී දරුවන් ඇතුළත් කිරීමට රෝහලක් පවා සොයාගැනීමේ අපහසුවක් ඇතිවිය හැකි නිසා දරුවන් දැඩි ලෙස ආරක්ෂා කරගත යුතු බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී, ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා අවධාරණය කරයි.

“කොවිඩ් සහ ළමයි සම්බන්ධයෙන් කතා කරන කොට ඉතාමත් කෙටියෙන්ම කියන්න තියෙන්නේ එනපොට හොඳ නෑ කියලයි. අපිට කියන්න තියන පණිවුඩය තමයි දරුවන් ආරක්ෂා කරගන්න. දරුවන් පරිස්සම් කරගන්න. මම මෙහෙම කියන්නේ ඇයි? මේකට හේතු ගණනාවක් තියනවා. රිජ්වේ ආර්යා ළමා රෝහල විතරක් නෙවෙයි, බොහෝ රෝහල්වල දරුවන්ට කොවිඩ් වැළඳුනහම ප්‍රතිකාර කරන වාට්ටු දැන් පිරි ඉතිරී යමින් තිබෙනවා. කෙටියෙන්ම කියනවා නම් දරුවෙකුට කොවිඩ් වැළඳුනොත් රෝහලක් හොයාගන්න අමාරු තත්ත්වයක් දැන් ඇතිවෙලා තියනවා.“

“දෙමව්පියන්ගෙන් සියයට අනූවක්ම මට කතා කරන්නේ කොවිඩ් සම්බන්ධයෙන්. මගේ දරුවට කොවිඩ් හැදිල තියනවා. මොකද කරන්නේ ? මම කොහේටද යන්නේ කියලයි ඔවුන් අහන්නේ. ඔබ කළ යුත්තේ ඔබේ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ වෛද්‍යවරයෙකු හමුවෙලා ඒ ගැන සාකච්ඡා කර කුමක්ද කළ යුත්තේ කියන එක තීරණය කරන එකයි. “

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

Related posts

Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…

Malar FM

මැතිවරණය කොටස් වශයෙන් පවත්වා සියළු ගැටළු නිරාකරණය කළ හැකි මාර්ගය මෙන්න

Malar FM

නව කතානායක ගලප්පත්ති…

Malar FM