NewsPolitical

පොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වාරියපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 19 දෙනකු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මේ බව දැනුම් දෙමින් වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ වෙත ලිපියක් භාර දීමට සැලසුම් කර ඇතැයි මන්ත්‍රීවරුන් කියා සිටිති.

මෙලෙස සිය විරෝධය දක්වමින් ඉල්ලා අස්වන්නේ සභාවේ සභාපතිවරයාට විපක්ෂය විසින් එල්ල කර ඇති අසත්‍ය චෝදනා මත ආණ්ඩුකාරවරයා සභාපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි පවසමිනි.

එම ප්‍රාදේශීය සභාව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසිතුන් දෙනකු සිටින අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් දහ නව දෙනෙකි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තවත් කිහිප දෙනෙකු ද සභාපතිවරයා ඉවත් කිරීමට සහාය පළ කර ඇති බවද වාර්තා වෙයි.

Related posts

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ 73,000ක්

Malar FM

ඊයේ දිනයේදී කොළඹින් කොරෝනා ආසාදිතයින් 237ක්

Malar FM

රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්

Malar FM