Local NewsNews

පාදෙණියගේ GMOA සභාපතිකම තහනම් කරයි..

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

මොරටුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවමිනි.

එමෙන්ම එම පිරිසට සාමාජික මුදල් රැස් කිරීම, නීති ගාස්තු අයකිරීම, ශාඛා සමිති නිලවරණ පැවැත්වීම, නිල නාමය භාවිතා කිරීම හෝ සංගමය නමින් පෙනී සිටීම ද තහනම් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තවත් වෛද්‍යවරුන් පිරිසක් විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

Related posts

පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධය

Malar FM

තෙල් නෑ.. පෝලිමේ ඉන්න එපා.. නැවු එන දිනයක් කියන්න බෑ..- රජය නිල වශයෙන් දැනුම් දේ…

Malar FM

මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..

Malar FM