Local NewsNews

නොරොච්චෝල තවත් ජනන යන්ත‍්‍රයක් මාස තුනක් නවතන්න වෙයි.. විදුලිය උපරිම අර්බුදයේ…

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වෙනි ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා දින සීයක කාලයක් නවතා තැබීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

මෙම යන්ත්‍රය සෑම වසර හයකට වරක්ම නඩත්තු කටයුතු සිදුකළ යුතු අතර තුන්වෙනි යන්ත්‍රයෙන් නඩත්තුව මෙම වසරේ දී සිදු කළ යුතුව ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේදී විදුබල මණ්ඩලය විසින් මේ පිළිබඳ අමාත්‍යාංශය දැනුවත් කර තිබේ.

මෙම යන්ත්‍රය නඩත්තුව සඳහා 400ක පමණ කාර්ය මණ්ඩලයක් ද යොදා ගනී.

මෙම බලාගාරවේ එක් ජනන යන්ත‍්‍රයක් නඩත්තු කටයුතු සඳහා නතර කර ඇති අතර එය 22 දා වන විට අවසන් කිරීමට හැකි වනු ඇති බව විදුලිබල මණ්ඩලය විශ්වාසය පලකරයි.

පවතින තත්ත්වය මත බලාගාරයේ උපරිම ධාරිතාවයෙන් කටයුතු කිරීම තවත් කාලයක් ගතවන තුරු නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

Related posts

බදුර්දීන්ගේ හමුව ගැන චමල් කියන කතාව

Malar FM

මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…

Malar FM

වර්තමාන රජය පහසුවෙන් බිඳ නොවැටෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

Malar FM