Local NewsNews

සිපෙට්කෝ ඉන්ධන නොදේ.. CEB, IOC වෙතින් ඉන්ධන ගනී…

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට විශාල ණයක් ගෙවීමට ඇති නිසා .ඉදිරියේ දී විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඛනිජ තෙල් “i.o.c ” සමාගමෙන් ලබා ගැනීම සඳහා මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය සාකච්ඡා සිදු කරමින් සිටින බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට විශාල ණය වාරිකයක් ගෙවීමට ඇති බව සඳහන් වුවද එම ණය මුදලෙන් වැඩි මුදලක් ගෙවීමට ඇත්තේ පසුගිය ආණ්ඩුව විසින් බලාගාර සඳහා ලබා ගත් ඛණිජ තෙල් සඳහා බවයි ලොකුගේ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවට අදාළ ණය මුදල නොදීම හේතුවෙන් ඔවුන් ඉන්ධන ලබා නොදෙන තත්ත්වයක i.o.c සමාගමෙන් ඛනිජ තෙල් බලාගාර සඳහා ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ගාමිණි ලොකුගේ මහතා සඳහන් කලේය.

එමෙන්ම විදුලිය කප්පාදු පිටුපස සහ බලාගාර අක්‍රිය වීම පිටුපස විශාල කුමන්ත්‍රණයක් පවතින බවත් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු වන බවත් අදාල කුමන්ත්‍රණ කරුවන්ට ඉදිරියේදී දඬුවම් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

කෙසේ නමුත් කුමන්ත්‍රණ කරුවන් හේතුවෙන් ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇතැයි නිශ්චිතවම සඳහන් කළ නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයට දේශපාලන සාධක මත තමා විසින් සාමාන්‍ය අධිකාරිවරයෙක් පත් කළ බවට කරන චෝදනාව පදනම් විරහිත බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකු ගේ මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

Related posts

නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..

Malar FM

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වාහන සඳහා බලපත්‍ර ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

Malar FM

බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි… සිව් දෙනෙකුට බරපතලයි…

Malar FM