Local NewsNews

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

මේ වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 75,000 ඉක්මවයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පසුගිය ජනවාරි මස 01 වෙනිදා සිට 29 වන දා දක්වා සංචාරකයන් 76,538 දෙනෙකු පැමීණ ඇති බවයි.

මෙම කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් 12,368 දෙනෙකු ම පැමිණ ඇත්තේ රුසියානු සමුහාන්ඩුවෙනි. ඉන්දියාවෙන් 11,028 දෙනෙකු පැමිණ ඇති අතර යුක්රේනයෙන් 7,427 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. එම දින 29 තුළ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 6,929 දෙනෙකු පැමිණ ඇති අතර ජර්මනියෙන් 4,902 ක්, ප්‍රංශයෙන් 3,337 මෙරටට පැමිණ තිබේ. මීට අමතරව පෝලන්තය, ඕස්ට්‍රේලියාව, මාලදිවයින හා කසකස්ථානය යන රටවලින් ද සංචාරකයන් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ අලුත්ම වාර්තා සදහන් කරයි.

පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 194,495 කි. එම වසරේ ජනවාරි මාසයේ දි ශ්‍රි ලංකාවට පැමිණ ඇත්තේ සංචාරකයන් 1,682 කු පමණයි. ලක්ෂ 11 කට වැඩි සංචාරකයන් මේ වසරේ දි මේ වසරේ දි මෙරටට පැමිනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය වැඩි කරගැනීම සදහා රජය කෙටි කාලීන, මධ්‍ය කාලීන මා දිගු කාලීන වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. කොවිඩ් ඔමික්‍රෝන් ප්‍ර භේදයේ පැතිර යාමත් සමග ලෝකයේ සංචාරක ව්‍යාපාරයට යළි බාධාවන් එල්ල වි තිබුණ ද ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයත් සමග සංචාරකයන්ගේ වැඩි අවධානය ශ්‍රී ලංකාවට යොමුව ඇතැයි ද   ඇමතිවරයා සදහන් කරයි.

– ප්‍රදීප් අනුර කුමාර

Related posts

සමන් රත්නප‍්‍රියට ජනාධිපති ලගම ලොකු පුටුවක්..

Malar FM

ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතල

Malar FM

ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන්ට එරෙහි කුමන්ත්‍රණයක්…

Malar FM