Local NewsNews

ඩෙවොන් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නක්.. අක්කර ගාණක් විනාශයි…

හැටන් දිඹුල පතන ප්‍රදේශයේ පිහිටි ඩෙවොන් ඇල්ල රක්ෂිතයේ (04) දින රාත්‍රියේ හටගත් ගින්නකින් අක්කර 25 පමණ ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

ඩෙවොන් දිය ඇල්ලට බටහිර ප්‍රදේශයෙන් පිහිටි දිඹුල පතන වත්ත ප්‍රදේශයට මායිමව මෙම ගින්න (04) දින රාත්‍රි 7 ට පමණ හටගෙන ඇති බවත්, මේ දිනවල ඩෙවොන් දිය ඇල්ල රක්ෂිත ප්‍රදේශවලට පවතින දැඩි වියළි කාලගුණයත් සමග ඉලුක් සහිත එම රක්ෂිතයේ ගින්න සිඝ්‍රයෙන් පැතිර ගිය බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

පසුගිය දින කිහිපය තුලම ඩෙවොන් ඇළ රක්ෂිතය පුරා කිසියම් පිරිසක් විසින් ගිනි තැබිම් සිදු කිරිම නිසා එම රක්ෂිතයේ අක්කර 100 ආසන්න භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ විම නිසා විශාල පරිසර හානියක් සිදු වි ඩෙවොන් ඇල්ලේ සුන්දරත්වයට බලපැමක් සිදු වි ඇති බවයි එම මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයින් කියා සිටින්නේ.

මධ්‍යම කදුකරය පුරා මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග ඇතැම් පිරිස් විසින් සතුන් දඩයම් කිරිම සහ විනෝදාශ්වාදය සදහා මෙවැනි ගිනි තැබිම් සිදු කරන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

රටවල් 59ක සංචාරකයන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට එංගලන්තය තීරණය කරයි

Malar FM

යොවුන් කණ්ඩායමක් සහ නවක නායකයෙකු යටතේ ලැබූ ජය ඉතිහාසයට එක් වෙයි

Malar FM

නාරාහේන්පිට නිල මැදුරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ ආරක්ෂක නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

Malar FM