NewsPolitical

රන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…

දැනට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් දිනය දා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇති බවට රාවයක් පැතිර යමින් පවතී.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම විපක්‍ෂ මන්ත්‍රීවරුන් අතර ද මෙම තොරතුරු සංසරණය වෙමින් තිබේ.

නිදහස් දිනය දා ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සදහා අත්සන් තබන ලද ලේඛණයක් මේ වන විට බන්ධනාගාරට යොමු කර තිබේ.

නමුත් එම ලේඛනයේ රංජන් රාමනායකගේ නම නැති බව බන්ධනාගාර අධිකාරිවරයා අද පස්වරුවේ සඳහන් කළේය.

සිර දඬුවමෙන් තමන් නිදහස් කරන්නැයි රන්ජන් රාමනායක ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර තවත් පාර්ශව ගණනාවක්ද ඔහු නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Related posts

චන්දිමාල්ගේ අවුරුදු උත්සවය ගිනි ගනී.. අවුරුදු කුමර කුමරියන් දිව ගොස් බේරෙති..

Malar FM

සිරිකොතේ බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක..

Malar FM

අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

Malar FM