NewsPolitical

ජනාධිපති ඉල්ලා අස්වී රට බාර දෙන්න…- සජිත්

රට දිනෙන් දින ප්‍රපාතයටත් අන්ධකාරය ටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මේ රටේ ජනතාව අරගල කරන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු කරන සෑම මොහොතකම ඊට එරෙහිව විපක්ෂය ලෙස තමන් ජනතාවගේ පැත්තේ හිටගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

ජනතාව මොහොතින් මොහොත ජීවත්වීමේ අරගලයක යෙදී සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකළ බවද දැන් රට අරාජික වී ඇතැයිද පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීම වැනි අණපනත් තුලින් ජනතාව මර්ධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා එවැන්නකට කිසිවිටෙකත් ඉඩ නොතබන බවද කීය.

ජනතා බලාපොරොත්තු සුන් කොට රටට අන්ධකාරය ගෙනා මේ දුර්වල අකාර්යක්ෂම ජනතා විරෝධී ආණ්ඩුව, ජනාධිපතිවරයා ප්‍රමුඛව ඉල්ලා අස්වී රට කරගෙන යාහැකි කණ්ඩායමකට භාරදිය යුතු බවද ඒ මහතා පැවසීය.

මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින අතරේ රාජ්‍ය මර්ධනයට හසුවන සියලු පුරවැසියන්ට පක්ෂ පාට නොසලකා නීතිඥ සහාය නොමිලේ ලබා දීමටත් හයසියකට අධික නීතිඥ පිරිසක් ඒ වෙනුවෙන් සූදානම්ව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

– media unit

Related posts

වර්තමාන ආණ්ඩුව ගත් පියවර නිසා රට නැගිටින බව Fitch Rating කියනවා..- බිමල්

Malar FM

ජනාධිපතිගේ නියෝග බවට පවසමින් සිදුවෙමින් යන ඇතැම් ක්‍රියා ගැන සාකච්ඡා කෙරේ

Malar FM

කොරෝනා තවත් ඉහල නගී..

Malar FM