NewsPolitical

අලුත් කැබිනෙට්ටුවෙන් අපව රැවැට්ටුවා.. කී දේ නෙමෙයි කලේ.. SM මාධ්‍ය හමුවක.. ආණ්ඩුව කුණාටුවක මුල..

සියලුම ජේෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් ඉවත් වී ආධුනිකයන් ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට තමන්ට අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

එම ඉල්ලීම අනුව හිටපු කැබිනට් ඇමතිවරුන් සියලු දෙනාම ඉල්ලා අස් වූයේ නැවත පත් කිරීම අනවශ්‍ය බවට එකතාවයකට පැමිනෙමින් බවත් ඔහු සඳහන් කළේය.

නමුත් එසේ එකඟතාවයට පැමිණි පසු ඇමතිවරු කෙනෙක් දෙදෙනෙක් නැවතත් කැබිනට් අමාත්‍ය තනතුරු ලබා ගැනීම ගැන කණගාටු වන බවත් ඔහු පැවසීය.

එතන සිදුව ඇත්තේ තම තමන් ඇතුළු පිරිසට පැවසූ දෙය නොවන බවද ඔහු කිටා සිටියේ අනුරාධපුරයේදී මාද්‍ය අමතමිනි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමත් සමග ආණ්ඩුව තුළ කුණාටු ලගදීම බලාගත හැකිවනු ඇති බවයි. අමාත්‍ය ධුර අහිමි වූ කිහිප දෙනෙකුම දැන් ස්වාධීන කණ්ඩායම සමඟ සාකච්ඡා පටන් ගෙන ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

Related posts

මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..

Malar FM

බිත්තර වැඩි මිලට අලෙවි කල වෙලෙදුන්ට නඩු…

Malar FM

මහින්දගේ නිවසේ කුළිය ලක්ෂ 46යි.. ගෙව්වේ නැත්නම් රජයට පවර ගන්නවා..- ජනපති

Malar FM