NewsPolitical

ජනාධිපතිට ආරක්‍ෂක විතරයි.. සියළු ගිවිසුම් පාර්ලිමේන්තුවට.. 21 සංශෝධනය ස්වාධීන පක්‍ෂ එකමුතුවේ යෝජනාවලිය මෙන්න…

අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙක් විය යුතු බවත් ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් ලෙස දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බවත් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බව ස්වාධීන පක්ෂ එකතුව යෝජනා කරයි.

21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් විය යුතු ප්‍රධාන යෝජනා 7කින් සමන්විත යෝජනාවලියක් ස්වාධීන පක්ෂ එකතුව විසින් අගමැතිවරයා සහ අධිකරණ ඇමතිවරයා වෙත ජූනි මස 1 වෙනිදා ඉදිරිපත් කරකර ඇත.

ඕනෑම ආණ්ඩුවක් සමග ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කරන ගිවිසුම් අත්සන් තැබීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කළ යුතු බව ද මෙම යෝජනාවල සදහන් වේ.

වරාය ගුවන්තොටුපළ වැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් ජාතික සම්පත් සඳහා ආයෝජන ලබා ගැනීමේදී මෙන්ම හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමේ දී ඒවාට අදාළ ගිවිසුම් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අනුමැතියට යොමු කළ හැකි වන අයුරින් එහි විෂය පථය පුළුල් කළ යුතු බවත් එමෙන්ම එකී ගිවිසුම් පූර්ව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ස්වාධීන පක්ෂ එකතුව යෝජනා කරයි.

Related posts

ජනපතිගේ අත්සන ව්‍යාජව යෙදූ සැකකරුවෙකු අත්අඩංගුවට

Malar FM

වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..

Malar FM

සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..

Malar FM