Local NewsNews

කූරගල, මුහුදු මහ විහාරය පූජා භූමි ලෙස ගැසට් කරයි..

නව පූජා භූමි 03 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ. අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය, කූරගල රජමහා විහාරය එම පූජා භූමි 03 යි. ඊට අදාල ගැසට් නිවේදනයට නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා අත්සන් තැබුවේය. ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුව මගින් මෙම පුජා භූමි 03 ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

මේ වනවිට මෙරට පුජා භූමි 78 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. 1961 ඔක්තෝම්බර් 16 දින කතරගම මෙරට පළමු පූජා භූමිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර මීට මාස තුනකට පෙර නාගදීප රජමහා විහාරය 78 වන පූජා භූමිය ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරිණ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ පූජා භූමි ප්‍රකාශයට පත් කිරීමේදී නිර්ණායක 03 ක් අනුව එය සිදු කෙරෙන බවයි. ජාතික වශයෙන් කාලපීය වශයෙන් හා ප්‍රාදේශීය වශයෙන් වැදගත් වන ස්ථාන මෙලෙස තෝරා ගැනේ. පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස මේ වනවිට ලැබී ඇති ඉල්ලීම් අධ්‍යයනය කරමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාල අංශවෙත දැනටමත් උපදෙස් දී ඇති බවද ඔහු පෙන්වා දෙයි. පූජා භූමි ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශ අනුමැතියද මිනින්දේරු සැලැස්මද ඊට අත්‍යාවශ්‍ය වේ.

මේ අතර පූජා භූමි සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමටද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ඊට අමතරව පූජා භූමි සංවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරේ. ඇමතිවරයා පවසන්නේ එම පූජා භූමි සංවර්ධනයටද කටයුතු කරමින් සිටින බවයි. ඒ අනුව අනුරාධපුර, කතරගම, පොලොන්නරුව සොලොස්මස්ථාන රජමහා විහාරය, මඩු දේවස්ථානය, මුහුදු මහා විහාරය, අම්පාර දීඝවාපිය, ත්‍රිකුණාමලය ගිරිහඩු සෑය, මාතර කොලවෙනිගම රජමහා විහාරය, බිංගිරිය දේව ගිරි රජමහා විහාරය, සේරුවාවිල රජමහා විහාරය, මාතලේ අලු විහාර පූජා භූමි සංවර්ධනය සැලැසුම් දැනටමත් සකස් කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

– ප්‍රදීප් අනුර කුමාර

Related posts

29 වැනිදා මුළු රටේම ජනතාව පාරට බස්සනවා..

Malar FM

චීනයේ ඉහලම ධනවතුන් පිරිසක් ලංකාවට… ආයෝජනයට තැන් සොයයි…

Malar FM

ආණ්ඩුවේ වැරදි නිවැරදි කර නොගැනීමේ ප‍්‍රතිඵලය ගැන රන්ජන් කියයි

Malar FM