NewsPolitical

රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්

රුසියාවෙන් ඉන්ධන, ගෑස්, පොහොර ලබා ගැනීම සඳහා මැදිහත් නොවන්නේ ඇමරිකාව අමනාප වන නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

මේ අවස්ථාවේ එවන් තත්ත්වයක් ඇති කර ගත යුතු නැතැයි අගමැතිවරයා සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ සමඟ පැවති සාකච්ඡාවකදීය.

තමන්ද එම අවස්ථාවේ එහි සිටි බව ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

නමුත් බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ රුසියාවෙන් සැපයුම්කරුවන් අඩු මිලට තෙල් ලබාදීමට ඉදිරිපත් වී නැති බව වුවද තමන් පිළි ගත යුත්තේ අග්‍රාමාත්‍යවරයා පවසන දේද බලශක්ති අමාත්‍යවරයා පවසන දේ දැයි ප්‍රශ්න කළේය.

Related posts

අමිත් වීරසිංහගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

Malar FM

රජයේ මුදලින් හෙලිකොප්ටර පැදලා යයි චම්පිකට චෝදනා…

Malar FM

බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගත් ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන රට පුරා ව්‍යාප්ත කිරීමට පියවර

Malar FM