Local NewsNews

විරෝධතාකරුවන් බලශක්ති ලේකම් හිර කරති…

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් පිරිසක් විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුගේ මෝටර් රථය තුළ සිරකරන ලදී.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවක පිරිසක් කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශ පරිශ‍්‍රයට පැමිණ මෙසේ විරෝධතාවය දැක්වූහ.

තෙග් සංස්ථාවේ පිරවුම්හල් පෞද්ගලික අංශයට පවරන බවට අමාත්‍ය කංචන විජේසේකර සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාව දැනගැනීමට විරෝධතාකරුවන් එහි පැමිණ ඇත.

කෙසේ වෙතත් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ කැබිනට් රහස් හෙලි කිරීමට නොහැකි බවය.

එම ප‍්‍රකාශයත් සමග විරෝධතාකරුවන් අමාත්‍යාංශ ලේකම්වරයාට ඉන් බැහැරවීමට නොහැකි වන ලෙස වාහනය වට කරමින් විරෝධතාවයේ යෙදුනහ.

Related posts

ජනබල විරෝධයට එමින් සිටි බස්වලට ගල් ගසති… අංක තහඩු නැති වාහන කරලියේ..

Malar FM

දැන් ටෙලි නාට්‍ය හැදෙන හැටි ගැන මගේ මනාපයක් නෑ ප්‍රවීණ කලා ශිල්පි රොඩ්නි වර්ණකුල

Malar FM

‘රට අඳුරු අනාගතයක එළිපත්තේ’ තෝරා ගත යුතු ජනපති ගැන චන්ද්‍රිකා කියයි..

Malar FM