Local NewsNews

පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැසක් රටින් පිටවෙන්න සූදානම් වෙති…

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් මේ වනවිට තම රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට ලහි ලහියේ කටයුතු කරමින් සිටිතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ රටේ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයත් සමඟ මෙම උනන්දුව හටගෙන ඇති බවයි.

මෙතෙක් රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර සකස් කරගෙන නොතිබූ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඒ සඳහා අලුතින් ඉල්ලුම්පත් යොමු කරමින් සිටින අතර එම ගුවන් ගමන් බලපත් කල් ඉකුත් වී තිබූ පිරිස් ද ඒවා යළි අලුත් කර ගනිමින් සිටිති.

රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට හිමි වරප්‍රසාදයක් වන අතර ඒවා සකස් කිරීම පාර්ලිමේන්තුව මගින් පහසුවෙන් සිදු කරගත හැක.

රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර හිමි අයෙකුට ගුවන්තොටුපල අතර ගමනාගමනය පහසු වන අතර ඇතැම් රටවලදී පහසුවෙන් වීසා ලබා ගැනීමටද හැකිවේ.

Related posts

ලාල්කාන්ත මහතා ICCPR පනත උල්ලංඝනය කර ඇති බවට නාමල් රාජපක්ෂ මහතාගෙන් චෝදනාවක්

Malar FM

බුදු දහමට අපහාස කරන භික්ෂුන්ට කෝටි ගණනින් විදේශ රටවලින් මුදල්…

Malar FM

නිවසේ මිය යන සියළු දෙනා කොරෝනා පරීක්‍ෂණ නොකරන්න තීරණයක්.. පරීක්‍ෂා කලොත් කොරෝනා මරණ තව ඉහල යයිලු..

Malar FM