Local NewsNews

පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැසක් රටින් පිටවෙන්න සූදානම් වෙති…

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් මේ වනවිට තම රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට ලහි ලහියේ කටයුතු කරමින් සිටිතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ රටේ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයත් සමඟ මෙම උනන්දුව හටගෙන ඇති බවයි.

මෙතෙක් රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර සකස් කරගෙන නොතිබූ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඒ සඳහා අලුතින් ඉල්ලුම්පත් යොමු කරමින් සිටින අතර එම ගුවන් ගමන් බලපත් කල් ඉකුත් වී තිබූ පිරිස් ද ඒවා යළි අලුත් කර ගනිමින් සිටිති.

රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට හිමි වරප්‍රසාදයක් වන අතර ඒවා සකස් කිරීම පාර්ලිමේන්තුව මගින් පහසුවෙන් සිදු කරගත හැක.

රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර හිමි අයෙකුට ගුවන්තොටුපල අතර ගමනාගමනය පහසු වන අතර ඇතැම් රටවලදී පහසුවෙන් වීසා ලබා ගැනීමටද හැකිවේ.

Related posts

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Malar FM

ඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කල්යයි

Malar FM

සජිත් පරාජයෙන් වියරු වැටී මාලිමාවට වෛර කරනවා…

Malar FM