Local NewsNews

ජනතාවට නොමිලේ කෑම දෙන්න හමුදාවෙන් වැඩපිලිවෙලක්…

අනාගතයේ රටට ආහාර හිගයක් ඇති නොවන අන්දමට යුධ හමුදා සෙබලුන් යොදවා මෙරට පුරන් ඉඩම් අස්වැද්දවීමේ වැඩ සටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්යේ පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දඹුළු හල්මිලෑව ප්‍රදේශයේ කුඹුරු අක්කර 5ක ප්‍රමාණයක මුං කවුපි වැනි බෝග වගාකිරිම යුධහමුදාවේ සෙබලුන් යොදාගෙන සිදුකිරිම අද දින ආරම්භ කරන ලදි.

මෙසේ වගා අරඹන ලද්දේ මෙම යල කන්නයේ අස්වැද්දවීම නොකර අතහැර ඇති අතර ඒවා වන අතර යාන්ත්‍රික පාබල රේජිමෙන්තු මධ්‍යෂ්ථනයේ සේනා විධායක බ්‍රෙගේඩියර් අබේසිංහ මහතාගේ සංවිධානය හා මග පෙන්වීම ඇතිව මෙම කටයුත්ත සිදුකරණු ලබයි.

මෙම පුරන් කුඹුරු අස්වැද්ද වීමේ වැඩ සටහනට ශ්‍රි ලංකා යුධහමුදාවේ නියෙජ්‍ය මාන්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහත හා යාන්ත්‍රික පාබල රෙජිමෙන්තු බලසේනාධිපති මෙජර් බාලසූරිය මහත්මා ඇතුළු පිරිසක් ද සමග හමුදා සෙබලුන් රැසක් හා දඹුළුහල්මිලෑව ගොවිසංවිධානයේ නිලධාරින් ඇතූළු ගොවි මහත්වරුන් පිරිසක්ද සම්බන්ධ විය.

මෙම අස්වද්ධන ගොවි බිමිවල අස්වැන්න ඒම ගම්මානයේ ජනතාව අතර හා ආහාර හිගයකදි රටේ ජනතාව අතරේ නොමිලේ ලබාදිමේ අරමුණ ඇතිව සිදුකරණ බවත් රටක ආරක්ෂාව හැම පැත්තෙන්ම රකින්න යුධහමුදාව නිරතුරුව කැපවෙන අතර රට සාගයකින් මුදවන්න සිදුකරණු ලබන වැඩසටහන් අතර මෙම පුරන් කුඹුරු ඇස්වැද්දීම සිදුකරන බවත් හමුදාව සදහන් කරයි.

ශ්‍රි ලංකා යුධහමුදාපති තුමාගේ පුර්ණ මගෙ පන්විම හා අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කෘෂිවගා සංග්‍රාමයට සමගාමිව යාන්ත්‍රික පාබල රේජිමෙන්තු මධ්‍යෂ්ථනයේ සේනා විධායක බ්‍රිගේඩියර් අබේසිංහ මහතාගේ සංවිධානය ඇතිව සිදුකරණු ලබන මෙම පුරන් කුඹුරු අස්වැද්ද වීමේ වැඩ සටහනට ශ්‍රි ලංකා යුධහමුදාවේ නියෙජ්‍ය මාන්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහත හා යාන්ත්‍රික පාබල රෙජිමෙන්තු බලසේනාධිපති බ්‍රිගේඩියර් බාලසූරිය මහත්මා ඇතුළු පිරිසක් ද සමග හමුදා සෙබලුන් රැසක් හා දඹුළුහල්මිලෑව ගොවිසංවිධානයේ නිලධාරින් ඇතූළු ගොවි මහත්වරුන් පිරිසක්ද සම්බන්ධ විය

– මහින්ද උදයසිරි දඹුල්ල

Related posts

ආණ්ඩුව ජවිපේ කනෙන් රිංගලා.. අනුර ජනපති කරන ප්‍රචාරයේ තිරය පිටුපස කතාව..

Malar FM

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Malar FM

මෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..

Malar FM