International NewsNews

IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එය ඉතා දරුණු තත්වයක් බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීවන් හැන්කේ සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන් 16කට සම්බන්ධ වී ඇති නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක වී නැති බවත් තෙමෙ සදහන් කරයි.

බංකොලොත් වී ඇති ශ්‍රී ලංකාවට සහන පැකේජයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත් ආරම්භ කරන ලද සාකච්ඡා දිගටම කරගෙන යාමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොරොන්දු වී ඇති බවද එම වාර්තාවන් කියා සිටියි.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව දිචු කරන ලද සාකච්ඡා අසාර්ථක වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සම්බන්ධයෙන් සියලු දෙනා බලා සිටින බවත් මේ පිළිබඳ සත්‍ය තත්ත්වය රටට දැනුම් දිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසෙ වෙතත් අද පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා වටය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබුණ බවයි.

Related posts

20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංග

Malar FM

මැතිවරණය පවත්වන දිනය මැ.කො. සභාපති හෙලි කරයි…

Malar FM

බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග යළිත් සාකච්ඡා කරයි

Malar FM