BusinessBusiness NewsNews

ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු නොගැහුවොත් රටටම තෙල් නෑ…- මහ බැංකු අධිපති

තෙල් සංස්ථාවට ඉන්ධන මිලට ගැනීම සඳහා මුදල් අච්චු ගසා ලබාදීමට සිදුව ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එසේ මුදල් ලබා නොදුනහොත් රටටම ඉන්ධන නැති වනු ඇති බවත් හෙතෙම පැවසීය.

තෙල් සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් ඉල්ලා ඇති නමුත් එම මුදල් ලබාදීමට නොහැකි වීම මත මහ බැංකුවට මුදල් අච්චු ගැසීම සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

තෙල් සංස්ථාව විසින් මෙම මුදල ඉල්ලා ඇත්තේ ඉන්ධන මිලට ගැනීමට අවශ්‍ය ඩොලර් මිලදී ගැනීමට බවත් පවසන ඔහු රටේ ඉන්ධන ලබා දීම හෝ මුදල් අච්චු ගැසීම යන්න තීරණය කිරීමට සිදුව ඇතැයි ද සඳහන් කළේය.

Related posts

Corona : පිටකොටුව, අලුත්කඩේ, ගුණසිංහපුර වසා දැමේ..

Malar FM

කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගල

Malar FM

අස්වැසුම තව දෙයි.. දෙවන වටයේ සංගණන අරඹයි…

Malar FM