Local NewsNews

ගිනි තැබූ මන්ත‍්‍රී නිවාස තට්ටු දෙකට තුනට හදා දිය යුතුයි…

මෑතකදී ඇතිවූ කලහකාරී සිදුවීම්වලින් විනාශ කරන ලද දේශපාලනඥයින්ගේ ව්‍යාපාරිකයින්ගේ සියලු නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නැවත ඉදිකර දිය යුතු යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ එසේ විනාශ කල තනි තට්ටුවේ නිවාස තට්ටු දෙකේ නිවාස ලෙස ද තට්ටු දෙකේ නිවාස තට්ටු තුනක් වන ලෙස ද නැවත ඉදි කල යුතු බවයි.

ජනතා නියෝජිතයින් මරා දැමීම, ඔවුන්ගේ නිවාස ගිනි තැබීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවද පවසන ඔහු ම්ලේච්ඡ අදහස් දරන පිරිස් පාලනය කළ යුතු බවත් කියා සිටී.

එවන් ප්‍රජාතන්තවාදී නොවන කටයුතු වලට බියේ ජීවත් වීමට වඩා මිය යාම හොඳ බවත් පවසන මන්ත‍්‍රීවරයා නොඑසේ නම් අනාගත පරපුර දේශපාලනයට නොපැමිණෙනු ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවත් පෙන්වා දෙයි

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක් සමග පැවැති සාකච්ඡාවකදීය.

Related posts

ජිප් රථයක් ප්‍රපාතයට පෙරළෙයි – සංඝයා වහන්සේ නමක් ඇතුළු 2 කට තුවාල

Malar FM

අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…

Malar FM

කලබල වෙන්න එපා!”ජනාධිපති රාජපක්ෂලා හිරේ දානවා”

Malar FM