Local News News

ඩොලර්වලට නිවාස විකුණයි…

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට තවත් නිවාස තුනක් අලෙවි වී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ ඩුබායි රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු හා ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලාංකිකයකු ඇමරිකානු ඩොලර් 143,700 ක මුදලක් ගෙවා මෙම නිවාස තුන මිලදී ගෙන ඇති බවයි.

නියමිත ඩොලර් වටිනාකම එකවර ගෙවූ බැවින් ඔවුන්ට 10%ක වට්ටම් දීමනාවක් හිමිව ඇත. ඒ අනුව එම නිවාස තුනෙහි වටිනාකම  රුපියල් මිලියන 57කි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මේ වනවිට තවත් නිවාස දහයක් මිලදී ගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් අයඳුම්කර ඇතැයිද ඔහු කීවේය.

මෙලෙස ඩොලර්වලින් නිවාස මිලදී ගැනීමට අයඳුම්කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඩුබායි රාජ්‍යය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, බංගලාදේශය යන රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසකි.

මෙලෙස අලෙවී ඇත්තේ පන්නිපිටිය වියත්පුර නිවාස සංකීර්ණය, කොට්ටාව ග්‍රීන් ආර්කේඩ් එපාර්ට්මන්ට් සහ මාලබේ ක්‍රසෙන්ඩෝ  රෙසිඩන්සීස් යන නිවාස සංකීර්ණවල පිහිටි කාමර තුනේ නිවාස දෙකක් හා කාමර දෙකේ නිවාසයකි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපයේ පිහිටි නාගරික සංවර්ධන අධිකරියේ ඊයේ (31) පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

විදෙස්ගත ලාංකිකයන් හා ශ්‍රමිකයන් සදහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ඩොලර් මගින් මිල දි ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පියවර ගත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.

එම වැඩපිළිවෙල යටතේ අලෙවි වූ පළමු නිවස ඉකුත් සැප්තැම්බර් මස (27) වැනිදා වියත්පුර නිවාස සංකීර්ණයෙන් මිලදී ගත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයකු විසිනි..

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඩොලර්වලින් නිවාස මිලදී ගැනීමේදී නියමිත මුදල එකවර ගෙවීමේදී 10%ක වට්ටමක් හිමිවන අතර කොටස් වශයෙන් ගෙවීමේදී 5%ක වට්ටමක් හිමිවන බවයි.

මෙම වසර අවසන්වීමට පෙර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා නිවාස අලෙවි කිරීමෙන් ඩොලර් ලක්ෂ 5ක ඉලක්කයක් සපුරාගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම ලබන වසර වනවිට ඩොලර් මිලියන 1.5 ක මුදලක් ඉපයීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කරයි.

නාගරික සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය www.uda.gov.lk පිවිසීමෙන් මේ සම්බන්ධව වැඩි විස්තර හා අවශ්‍ය අයඳුම් පත්‍ර ලබාගැනීමට හැකිය.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ 077-7794016 දුරකතනයට ඇමතීමෙන් ද මේ සම්බන්ධව වැඩිවිස්තර ලබාගත හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

– ප්‍රදීප් අනුර කුමාර

Related posts

කන්දකාඩු කොරෝනා පොකුර 519 දක්වා ඉහළට

Shiran Viraj

රාජිතට අධි චෝදනා භාර දෙයි

Shiran Viraj

ඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…

Shiran Viraj

Leave a Comment