Local NewsNews

15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA

එළැඹෙන 15 වනදා වනවිට මුළු රටම වසා දැමෙන තත්වයක් ඇති කරන වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට වෘත්තීය සමිති 40ක් එක්ව තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයන් හෙට දිනයේ සිට ආරම්භ වන බවයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘අපි තීරණය කළා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගණනාවක් 9 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක කරන්න. වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ ඉන්න බහුතරයක් වෘත්තීය සමිති 13 වෙනිදායින් පස්සේ – ඒ කියන්නෙ 9 වෙනිදා ආරම්භ වෙනවා වැඩවර්ජන ක්‍රියාමාර්ග – 13 වෙනිදායින් පස්සේ මේ ක්ෂේත්‍ර 15ක් නියෝජනය කරන සමස්ත වෘත්තීය සමිති 40 ම ඉතාම තීරණාත්මක ක්‍රියාමාර්ගවලට ගිහිල්ලා 15 වෙනිදා වෙනකොට මේ රටම අඩපණ කරන, මේ රටම වැහෙන තැනට ගමන් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල උච්ඡතම තැනට ගමන් කළ යුතුයි කියලා තීරණය කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියටත් 13 වෙනිදා ඉඳන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධ වීමටත් තීරණය කරලා තියෙනවා’

Related posts

ආණ්ඩුවට එන විපක්‍ෂ මන්ත‍්‍රිවරයෙකුට ඩොලර් මිලියන දෙකක්..

Malar FM

පරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි.. එය මා අනුමත කරනවා..- කරූ

Malar FM

විමල්ලාගේ විසදුම් වැඩක් නෑ.. හොරා කෑ සල්ලි රටට දී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්විය යුතුයි..

Malar FM