Local NewsNews

යාපනයේ මන්ත්‍රීවරයෙක් සමග පොලිස් රාජකාරියට බාධා කල පක්ෂ සංවිධායකවරයික් අත්අඩංගුවට….

යාපනය , වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ වඩමාරච්චි නැගෙනහිර කාන්තා සංවිධායිකාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බවට මරදන්කේනි පොලීසිය පවසයි.

අදාල කන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළ බවටද පොලීසිය පැවසීය.

එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ කිලිනොච්චිය , මරදන්කේණි පදිංචි සට්ගුණදේවි ජගතීෂ්වරන් නැමති කාන්තාවකි.

දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පසුගිය 02 ජනහමුවක් සඳහා තලයාඩි ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටි අවස්ථාවේ එම ස්ථානය අසලට පැමිණ සිටි බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු හා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සමඟ උණුසුම් වචන හුවමාරුවක් හටගෙන තිබුණි.

සිද්ධිය වන අවස්ථාවේ ඊට යාබදව පිහිටි තාලයඩි රෝමානු කතෝලික මිශ්‍ර විදුහලේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයටද බාධා සිදුව ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ මන්ත්‍රීවරයාට ඉවත්වෙන ලෙස දැනුම්දී තිබියදී එම පොලිස් නිලධාරීන් හා මන්ත්‍රීවරයා අතර උණුසුම් තත්වයක් ඇති විය.

පසුව එම ස්ථානයට මරදන්කේණි පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය සමතයකට පත්කොට මන්ත්‍රීවරයා සහ පැමිණි පිරිස  එම ස්ථානයෙන් ඉවත්කිරීමට පියවරගනු ලැබීය.

බුද්ධි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා විභාග මධ්‍යස්ථානයක් පැවැත්වෙන ස්ථානයේ දේශපාලන රැස්වීමක් සංවිධානය කිරීම යන කාරණාවන් සම්බන්ධයෙන් සැකකාර කාන්තාව මරදන්කේනි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

නඩු විභාගය ලබන 07 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර, මරදන්කේනි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…

Malar FM

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Malar FM

රට පුරා ලිත්‍රො ගෑස් සිලින්ඩර ආපසු කැදවයි..

Malar FM