NewsPolitical

ඩොලර් බැස්සට රට පුරාම ජනතාව බඩගින්නේ.. ඩොලරය 400 දවස්වලත් මීට වඩා බඩු මිල අඩුයි…

ඩොලරයක් රුපියල් හාරසීය තරම් ඉහළ ගිය කාලයේද බඩු මිල මේ තරම් ඉහළ ගොස් නොතිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

රුපියල ශක්තිමත් වී ආණ්ඩුව කිව්වට ඇත්තටම අඩු වුණේ ඩොලර් මිල පමණක් බව ද රට පුරාම ජනතාව ඉන්නේ බඩගින්නේ බව හෙතෙම කියා සිටී.

තමන් සන්තකයේ ඇති සියල්ල විකුණා දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැති බවද හෙතෙම කියා සිටියේය.

විශාල වශයෙන් බදු පනවා සහන කපා ආණ්ඩුවක් ලෙස ගෙවුම් ශේෂය තුලනය කරමින් සිටින්නේ ජනතාව බඩගින්නේ තබා බවටත් ඔහු චෝදනා කරයි.

දරාගන්න බැරි තරම් බදු පනවා සහන කප්පාදු කර අධ්‍යාපන සෞඛ්‍ය ආර්ථික සියළු ක්ෂේත්‍රයන් කඩාවැටී ඇති බවට ද ප්‍රධාන ලේකම්වරයා තව දුරටත් පැවසීය.

Related posts

හැම ත්‍රීවීලරයටම හයර් දුවන්න බැහැ- 20 වැනිදායින් පසු එන අලුත්ම නීතිය මෙන්න

Malar FM

අලුත් අගමැති යෝජනා කෙරේ…

Malar FM

ලෝක කුසලානයට ගිය ධනුෂ්ක ස්ත‍්‍රි දුෂණ චෝදනා මත අත්අඩංගුවට.. ‘ගැම්මක් තමයි’.

Malar FM