Local NewsNews

කෑගල්ල රෝහලේදී ගැටළුකාරී ප්‍රතිජීවක ඖෂධය දුන් අයෙක් මිය යයි…

කෑගල්ල රෝහලේදී ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇති වූ 57 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

එම පුද්ගලයා පසුගිය 10 වැනිදා රෝහල් ගතකර ඇත්තේ අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් මතයි.

ඔහුට ප‍්‍රතිජීවන ඖෂධ 13ක් ලබා දී ඇති අතර 14වන ඖෂධය ලබා දීමෙන් පසු ආසාත්මිකතාවක් සමග ඔහු මියගොස් තිබේ.

රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ දැනට මතභේදයට තුඩු දී ඇති ප්‍රතිජීවක ඖෂධයක් මෙම 57 හැවිරිදි පුද්ගලයාටද ලබා දී ඇති නමුත් එදින මෙම ප්‍රතිජීවක ඖෂධ ලබා දුන් රෝගීන් 19 දෙනෙකු රෝහලේ සිටින බවත්ය.

මිය ගිය පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ එය ඉතා දුර්වල මට්ටමක පැවතීම මත ආසාත්මිකතාව ඇතිවීමට ඇති වී ඇති බවත් ඔවුන් කියා සිටී.

Related posts

එංගලන්ත ටෙස්ට් තරගාවලියට ශී‍්‍ර ලංකා සංචිතය නම් කෙරේ – කුසල් මෙන්ඩිස්ට යළි අවස්ථාවක්

Malar FM

හිටපු මන්ත්‍රීවරයෙක් දළදා මාලිගාවට ගහන්න බෝම්බ හැදුවා.. ඒ බෝම්බය පිපිරිලා ඔහුගේ අතේ ඇඟිලි හතරක් නැති උනා…

Malar FM

මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ ආරවුල්

Malar FM