Local NewsNews

මීට වඩා ලොකු ප‍්‍රශ්ණ රටේ නැද්ද..- උමාරා වෙනුවෙන් උමාරියා පෙරට..

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කළේ යැයි චෝදනා එල්ල වී සිටින උමාරා සිංහවංශ සම්බන්ධයෙන් ඇගේ සහෝදරිය උමාරියා සිංහවංශ අදහස් පල කරයි.

ඇය පෙන්වා දෙන්නේ අද රටේ ඊට වඩා විශාල ප්‍රශ්න ඇති බවත් මේ මොහොතේ තම සහෝදරියට සමාජ ජාලවල එල්ලවන චෝදනා සුදුසු නැති බවත්ය.

තම සහෝදරිය රට නියෝජනය කරමින් සම්මාන රාශියක් ගැන දිනා ඇති බවත් ඒ ගැන කතා නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරන ඇය සංගීත ක්ෂේත්‍රයට කළ දායකත්වයත් දේශප්‍රේමීත්වය සහිත හොඳ හදවතක් තම නැගණියට ඇති බවද කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මෙම අදහස් පල කර ඇත.

Related posts

විස්සට විරුද්ධ වන කවුරුත් උසාවි යන්නේ නෑ

Malar FM

පිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපති

Malar FM

සජිත් දෙමල ජනතාව අන්දන්න 13 දෙනවා කියනවා.. දකුනේ ජනතා ප‍්‍රතිචාරය බලාගන්න සැරසෙන්න..

Malar FM