NewsPolitical

නව ඡන්ද ක‍්‍රමයකට කැබිනට් යෝජනාවක්.. ජනාධිපතිවරණයත් කල් යයි..?

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට රජය සූදානම් වෙමින් ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව නව පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමයක් යටතේ මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට අනුමැතිය ඉල්ලා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

යෝජනාව අනුව සෘජු මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරුන් 160 දෙනෙකු හා සමානුපාත ක්‍රමය යටතේ 65 දෙනෙකු පත් කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මෙම පනත හරහා ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු ජාතික මැතිවරණ කල් දැමීමේ උත්සාහයක් ඇති බව දේශපාලන කවයන් තුළ සාකච්ඡා වෙමින් ඇතැයි ද වාර්තාවේ දැක්වෙයි.

Related posts

බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනපති නියෝග කරයි

Malar FM

වැටලීම්වලට පෙර ජාවාරම්කරුවන්ට ඔත්තු දෙන පොලිස් නිලධාරියෙක්

Malar FM

පාසැල් අදියර කිහිපයකින් අරඹන්නේ මෙහෙමයි..

Malar FM