BusinessBusiness NewsNews

විදුලි ගාස්තු ඉහලට…

විදුලි ගාස්තු ඉහළ දැමීම මේ මස අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

විදුලිය ගාස්තු ඉහල දැමීමට විදුලිබල මණ්ඩලය කර ඇති ඉල්ලීමට අනුව එම අනුමැතිය ලබා දෙනු ඇති බවත් අනුමැතිය ලැබෙන දින සිට විදුලි ගාස්තු වැඩි වනු ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා පනත අනුව ජනතා අදහස් දැන ගැනීමට දින 21 ක කාලයක් ද ඇති නිසා ජනතාවගේ අදහස් දැනගැනීමට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ එළැඹෙන 18 වැනිදා සිට සියලූ කටයුතු සූදානම් කර ඇති බවත් ඉන් පසුව අනුමැතිය දීම හෝ නොදීම පිළිබඳව තීරණය කළ හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ඊයේ අමෙරිකාවෙන් කොරෝන මරණ 1350ක්

Malar FM

සියුම් තැනකින් ආරම්භ වී ජීවිතයම ගිල ගන්නා මාරයා

Malar FM

හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා…

Malar FM