NewsSportsSports News

‘අපි වසර 15ක් හිරේ යයි..’ ක‍්‍රිකට් ලොක්කෝ කතා වෙති.. අස්වූ ලේකම් තොරතුරු දෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ මොහාන් ද සිල්වා මහතා එම ආයතනය වංචා දූෂණ වංචා පිළිබඳව තොරතුරු රැසක් තමන්ට හෙළිදරව් කළ බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

දැනට ඕස්ට්‍රේලියාවේ සිටින හිටපු ලේකම්වරයා දුරකථන මාර්ගයෙන් තමන්ට මෙම තොරතුරු ලබා දුන් බවද හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මල්වතු මහනාහිමියන් බැහැදැකීමට මහනුවර මල්වතු විහාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

ක්‍රිකට් ආයතනයෙන් නෙරපනු ලැබූ වුවොත් වසර 15 ක සිර දඩුවම් විදීමට සිදුවනු ඇතැයි එම ආයතනය ප්‍රධානීන් සාකච්ඡා කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මොහාන් සිල්වා මහතා ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූයේ ද එම තත්වය දන්නා නිසා බවද හෙතෙම පැවසීය.

Related posts

රට බංකොලොක් වීමට හේතුව GMOA යෝජනාවක් නිසා යයි ප‍්‍රබල චෝදනාවක්..

Malar FM

ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…

Malar FM

ඇමති වසන්තට අනුව වී මිල නිසා සහල් මිල ඉහලට.. නාඩු 252යි, සම්බා 262යි..

Malar FM