Local NewsNews

අත්අඩංගුවේ සිටින සැකකරුවන් ගැන පොලිසියට මාර්ගෝපදේශ..

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ඉහළ යාම සලකා බලා එම පියවර ගෙන තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 20කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති බව පැවසීය.

ලබන මස 11 වැනිදා ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව එම මාර්ගෝපදේශ එළිදක්වන බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

මම මහ පොලොවෙන් මතුවුන කෙනෙක්.. මට සීත කාමරවලට වෙලා වැඩ කිරීමේ පුරුද්දක් නැහැ

Malar FM

අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ

Malar FM

මුව ආවරණ නීතිය ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ද වෙති…

Malar FM