BusinessBusiness NewsNews

සියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..

පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයනයද අත්හිටුවීමට කටයුතු කර තිබේ.

ඒ එම වාහන ආනයනයට ලබාදුන් මාසයක කාලය අවසන් වීම හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

අවසර ලබාදී තිබු මාසය තුළ ආනයනය කරන ලද වාහන නිදහස් කරගැනීමට අවස්ථාව ලබා දෙන බවත් අමාත්‍යංශය කියයි.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කිසිදු වාහනයක් ආනයනය අත්හිටුවා තිබේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වාහන ආනයන සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇත.

වාහන වල අවශ්‍යතාවය, මාර්ගවල ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විදේශ විනිමය යන කරුණු පිළිබඳව විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිතය.

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…

Malar FM

තීරණය කළ යුත්තේ ජනතාවයි – හිටපු ජනපතිනිය

Malar FM

රටේ ජනතාවගෙන් සොරකම් කල සියලු ධනය ගේනවා..- ඇමති වසන්ත

Malar FM